dmmvedsoda2022

 


Experience – Where are we coming from ?-අප පැමිණි ගමන් මග

Direction   –  Where we are heading?  වර්තමානයේ පාසල ගමන් කරන දිශාව.

Situation New  -    Where we are now? -     වර්තමාන තත්ත්වය

Outcome Desire  -  Where do  we want to be? අප යා යුත්තේ කොතැනට ද?

Deadline  -  By when do we want to be there ? අපේක්ෂිත ප‍්‍රතිඵල  ළඟා කර ගන්නේ කවදාද?

Action Steps  -  How will we get there? Strategies, Resources ? ඒ සදහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාව

Experience – Where are we coming from ?-අප පැමිණි ගමන් මග

බ/ශ‍්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල දිස්ත‍්‍රික්කයේ වැලිමඩ, මිරහවත්ත, මල්පොත නම් සුන්දර ග‍්‍රාමයේ පිහිටි ඉපැරණි ශ‍්‍රී  නිග්‍රෝධාරාම ධර්මශාලාවේ ක‍්‍රි ව.1925.06.25 දින පූජ්‍ය කන්දේගෙදර දේවානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පන්සල් පාසලක් වශයෙන් ආරම්භ විය. විවිධ සමාජ දේශපාලනික වෙනස්කම්වලට භාජනය වෙමින් මෙම පන්සල් පාසල 1939. 03.01 දින මිරහවත්ත, කඩවලතැන්න එනම්  වර්තමානයේ මෙම පාසල පිහිටි ස්ථානයේ ස්ථාපිත කරනු ලැබීය. ඒ වන විට ආචාර්ය  මණ්ඩලයේ තිදෙනෙක් සහ දරුවන් 117 ක්  සිටි බවට පැරණි ලේඛන වලින් වාර්තා වේ. 1941 වසරේ  මෙම විද්‍යාලයේ දරුවන් කනිෂ්ඨ සහතික පත‍්‍ර විභාගය ලිවීමට වරම් ලැබුණු අතර, 1951.10.11 වන දින ජේ්ෂ්ඨ සහතික පත‍්‍ර විභාගය සඳහා ඔවුන් ඉදිරිපත් කෙරිණි.

B/Sri Devananda Madhya Maha Vidyalaya was started as a temple school on 25.06.1925 AD in the ancient Sri Nigrodharama Dharmashala located in the beautiful village of Welimada, Mirawatta, Malpotha in Badulla District under the leadership of Venerable Kandegedara Devananda Thero. Undergoing various socio-political changes, this temple school was established on 01.03.1939 at Mirahawatta, Kadawalathenna, i.e. at the current location of this school. It is reported from old documents that there were three faculty members and 117 children at that time. In the year 1941, the children of this college were mandated to write the Junior Certificate Examination, and on 11.10.1951 they appeared for the Senior Certificate Examination.

 1968 දී මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් වන විට ප‍්‍රදේ්යේ ආකර්ෂණීය පාසලක් ලෙස නම් දරා තිබුණි. 1972  වන විට (උ.පෙළ) පන්තිය ආරම්භ කරමින් ප‍්‍රදේශයේ වැදගත් අධ්‍යාපන මධ්‍යස්ථානයක අවශ්‍යතාව සපුරාලන්නට සමත් විය.  1987 වන විට පර්ශද මූලස්ථ විද්‍යාලයක් බවට පරිවර්තනය වීම ප‍්‍රදේශය පුරාම පැතිරුණු නවෝදයක ආරම්භයක් විය.1990  දශකය වන විට මෙම විද්‍යාලයේ සිසු  සංවර්ධනයකට යොමු වූ බව කවුරුත් පිළිගන්නා කරුණකි.වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය තුළ සංවර්ධනය විය යුතු පාසල් දෙක අතරට 1997. 03.31 වන දින ශ‍්‍රී දේවානන්දය ද ඇතුළත් වීම ප‍්‍රදේශයට ලැබුණු සුවිශේෂී වූ  දායාදයකි.  2001 වසර වන විට මෙම විද්‍යාලයේ විද්‍යා /ගණිත උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කෙරිණි. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සුවිශේෂී ජයග‍්‍රහණ රැුසක් හිමිකර ගත් මෙම විද්‍යාලය ඵලදායිතා සම්මාන වසර කිහිපයක්ම  ලබා ගැනීමට සමත් විය. 

In 1968, when the college became a Maha Vidyalaya, it was named as an attractive school in the district. By 1972, it was able to meet the need of an important educational center in the area by starting the high school class. By 1987, the transformation of Parsada into a primary college was the beginning of a new trend that spread throughout the area. Sri Devananda was included as one of the two schools to be developed in Valimada Divisional Secretariat on 03.31.1997. It was a unique gift to the region. By the year 2001, arrangements were made to start science/mathematics high level classes in this college. Exceptional achievements in the field of sports. The college has won many productivity awards for several years.

නවෝද්‍යා පාසලක් වශයෙන් ද නම් කෙරුණු මෙම පාසල 2014. ,2015 වන විට පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ  අදූරදර්ශී තීරණයක් මත මෙම පාසලෙන් ප‍්‍රාථමික අංශය ඉවත්විය.ද්විතියික පාසලක් බවට පත් විය. ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් පහත වැටුණු බවක් පෙනුණි. කෙසේ වෙතත් අ .පො.ස.(සා.පෙළ)ප‍්‍රතිඵල 65% මට්ටමේ සිට 2019 වසර වනවිට 82% දක්වා සංවර්ධනය කිරීමට හැකිවීම සුවිශේෂී ජයග‍්‍රහණයකි.  වර්තමානයේ  ශිෂ්‍ය සංඛ්‍යාව 975 පමණ වේ.  අධ්‍යයන කාර්ය මණ්ඩලය 72 කි. අනධ්‍යන කාර්ය මණ්ඩලය නවක  උපාධිධාරී  පත්වීම් ලද  සංවර්ධන නිලධාරීන් ද ඇතුළුව 15 කි.වර්තමාන  විදුහල්පති එම්.එම්.යූ මාරසිංහ මහතා සමඟ මේ වනවිට විදුහල්පතිවරුන් 22 ක්  මෙම විද්‍යාලයට නායකත්වය දී ඇත.

This school, which was also named as Navodya School, in 2014, 2015, due to the short-sighted decision of an individual or a group of individuals, the primary section left this school and became a secondary school. The number of students seemed to drop rapidly. However, being able to develop the G.E.C. (O/L.) results from the level of 65% to 82% by the year 2019 is a unique achievement. At present the number of students is around 975. 72 academic staff. The non-academic staff is 15 including newly appointed development officers. 22 principals have led this college with the current principal Mr. M.M.U. Marasinghe.

Direction   –  Where we are heading?  වර්තමානයේ පාසල ගමන් කරන දිශාව.

 2012 සිට පාසල ද්විතීයික පාසලක් බවට පත් කිරීම තුළින් ප‍්‍රාථමික  අංශය විදුහලට අහිමිවීම පාසලේ ඉදිරි ගමනට විශාල අභියෝගයක් විය.පාසලක පරිසර අලංකරණයට, ඉගෙනුම් ඉගැන්වීම්  ක‍්‍රියාවලියට දෙමාපිය සහභාගීත්වය (උදාහරණ ශ‍්‍රමදාන, සුහද සේවය) ලබන අංශය අහිමිවීමෙන් පාසල හා ප‍්‍රජා සබඳතා ඈත්වන්නට විය.  එයින් පාසල පිළිබඳ සන්නිවේදනය ප‍්‍රජාවට යාමේ මාර්ගය අහිමි විය. 

Since 2012, the loss of the primary section to the school by turning the school into a secondary school has been a big challenge for the school's progress. The school and community relations have become distant due to the loss of the section that receives parental participation in the school's environment beautification, learning and teaching process. It lost communication about the school to the community.

එමෙන්ම පාසලට නම් කළ  ප‍්‍රාථමික පෝෂක පාසල්වලින් 6 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ශිෂ්‍යත්ව ඉහළ ලකුණු ලබාගන්නා දරුවන් බණ්ඩාරවෙල  නගරය තුළ පිහිටි පාසල් වෙත ඇදී යන්නට විය. දෙමාපියන් තුළ නගරයේ පාසලකට පාසල් බස් රථ සේවාවලින් යැවීම සමාජ වටිනාකමක් ලෙස සිතන්නට විය.ඒ තුලින් පාසලේ  දියුණුවට යමක් කළ හැකි දෙමාපියන් අහිමිවීමත් ශිෂ්‍ය සාධනය ඉහළ දරුවන් නගරයට ඇදී යාමත් පාසලට විශාල අභියෝගයක් විය. එවිට මෙම පාසලට 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් වන්නේ නගරයට යැවීමට තරම් පහසු කමක් නැති ඉගෙනීමේ වටිනාකම පිළිබදව නොදැනුවත් දෙමාපියන්ගේ මෙන්ම ප‍්‍රාථමික අංශයේ දී යම් කිසි පසුබෑමක් සහිත දරුවන් පමණි.එමෙන්ම බණ්ඩාරවෙල නගරයේ පිහිටි ජනප‍්‍රිය මිශ‍්‍ර පාසලක් වන බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට අමතරව ඊළඟ ලකුණු මට්ටම් සඳහා ශිෂ්‍යාවන්ට ඇතුළත්වීමට  බාලිකා පාසල් දෙකක් පැවතීම ද අභියෝගයකි. මේ හේතුවෙන් අප පාසල තුළ රැුඳෙන දරුවන් අතරින් බහුතරය පිරිමි දරුවන් වේ . ඔවුන් ඉගෙනීමට දක්වන මැලිකම හේතුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සක‍්‍රියව සම්බන්ධ කර ගැනීමට අසීරු වීම ශි්ෂ්‍ය සාධනයට ප‍්‍රබලව බලපායි. මෙම තත්ත්වය පාසලට දැඩි අවධානමක් ගෙන දේ. පාසල පිළිබඳ ප‍්‍රජාවගේ පැහැදීම අඩු වීමට එය හේතුවකි.

Also, when enrolling children in the 6th grade from the primary feeder schools named for the school, the children who get high scholarship marks started to be attracted to the schools located in Bandarawela city. Parents began to think that sending school buses to a school in the city was a social value. Losing parents who could do something for the development of the school and attracting high-achieving children to the city became a big challenge for the school. Then only children with parents who are not aware of the value of learning and those who are not aware of the value of learning, who are not easy enough to send to the city, are admitted to this school for the 6th grade. Also, in addition to Bandarawela Madhya Maha Vidyalaya, a popular mixed school in Bandarawela town, girls are admitted to the next grades. Having two schools is also a challenge. Due to this, the majority of the children staying in our school are boys. Due to their reluctance to learn, it is difficult for them to be actively involved in the learning and teaching process, which has a strong impact on student achievement. This situation poses a serious threat to the school. It is a reason why the community is less impressed with the school.

පාසල අවට ගම්මානවල පෝෂක පාසල්වලින් 6 ශ්‍රේණිය සඳහා දරුවන් නගරයට ඇදී යෑමට තවත් හේතුවක් වූයේ මෑත කාලයේ ග‍්‍රාමීය යටිතල පහසුකම් දියුණු වීමයි. ඒ තුළින් නගරය වෙත පාසල් සේවා බස් රථ විශාල ප‍්‍රමාණයක් ආරම්භවීමයි.  එමෙන්ම මිරහවත්ත ප‍්‍රදේශයේ වෙසෙන බහු වාර්ගික ජනතාවගේ එනම් සිංහල, දෙමල, මුස්ලිම් සියලූ දරුවන් අතීතයේ මෙම පාසලේ අධ්‍යාපනය හැදෑරුවද 2010  දී පමණ මිරහවත්ත ප‍්‍රදේශයේ මුස්ලිම් පාසලක් ආරම්භවීම ද මෙම පාසලට අභියෝගයක් විය. මුස්ලිම් දරුවන් එම පාසලට ඇතුළත් කිරීමත්ල ආසන්නයේ පවතින ඩයරබා වතු ද්‍රවිඩ පාසල් සංවර්ධනයවීමත් අභියෝග අතරට එක් විය. එමෙන්ම 2019 වර්ෂයේ එල්ලවූ පාස්කු ප‍්‍රහාරය ද විශාල ලෙස මෙම පාසලට තර්ජනයක් විය.  හේතුව පාසල අවට වෙසෙන්නන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන්වීමයි. 

Another reason why children from feeder schools in the villages around the school were drawn to the city for Grade 6 was the recent development of rural infrastructure. Through this, a large number of school bus services to the city started. Also, the establishment of a Muslim school in Mirawatta around 2010 was also a challenge for this school, although all the children of the multi-ethnic people living in Mirawatta area such as Sinhalese, Tamil and Muslim studied in this school in the past. Among the challenges were the admission of Muslim children to that school and the development of the nearby Diaraba Vatu Dravidian school. Also, the Easter attack in 2019 was a big threat to this school. The reason is that the majority of the residents around the school are Muslims.

ශිෂ්‍ය සංඛ්‍යාව එසේ අඩු වීමත් සමඟ තවත් බලපෑ කරුණක් වන්නේ මහින්දෝදය විද්‍යාගාර සංකල්පයයි. විද්‍යාගාර පහසුකම් ලැබුණද පුහුණු ගුරුවරුන් නොමැති වීම විශාල ගැටලූවක් විය.එමෙන්ම පැරණි ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම සඳහා විශාල වශයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන අවශ්‍ය වුවද එම මූල්‍ය ප‍්‍රතිපාදන නොලැබීම ද පාසලේ  දියුණුවට බාධාකාරී විය.

 2020 යේ දී ආරම්භ වූ  කොරෝනා වසංගත තත්ත්වය ද පාසලේ ගමනට බාධාකාරී විය.එමෙන්ම වර්තමාන මූල්‍ය අර්බුදය ද මෙහි ලා ප‍්‍රබල ව බලපානු ඇත.

With the decrease in the number of students, another factor is the Mahindodaya Lab concept. The absence of trained teachers was a big problem despite the availability of laboratory facilities. Also, the lack of financial allocations for the renovation of the old buildings was a hindrance to the development of the school.

The Corona epidemic that started in 2020 also hindered the school's journey. Also, the current financial crisis will also have a strong impact here.

පහත සඳහන් ශිෂ්‍ය සංඛ්‍යා පුරෝකථනය තුළින් වර්තමානයේ පාසල ගමන් කරන දිශාව  පැහැදිලිව හඳුනාගත හැකිය.

The direction the school is currently moving can be clearly identified through the following student number forecast.
                                     
                                              ශිෂ්‍ය සංඛ්‍යා පුරෝකථනය                                     

වර්ෂය

 

2015-2016

2016-2017

2017-2018

2018-2019

2019-2020

2020-2021

ශිෂ්‍ය සංඛ්‍යාව

1360-1240

1240-1123

1123-886

886-900

900-924

924-975

අන්තරය

-120

-117

-237

 

+14

 

+24

 

+51

 


                                               Student Number Forecast                                 

The year

 

2015-2016

2016-2017

2017-2018

2018-2019

2019-2020

2020-2021

Number of students

1360-1240

1240-1123

1123-886

886-900

900-924

924-975

The distance

-120

-117

-237

 

+14

 

+24

 

+51

 ඉහත ශිෂ්‍ය සංඛ්‍යා  පුරෝකථනයට අනුව පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහත සඳහන් කළ කරුණු හේතුවෙන්  ප‍්‍රමාණික ව අඩු වන බව පැහැදිලිව දක්නට ලැබේ.

වර්තමානයේ අප පාසල ගමන් කරන  දිශාව ගත්කල විභාග ප‍්‍රතිඵල  විශ්ලේෂණය ද ඉතා වැදගත් වේ. මන්ද යත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ)සහ (උසස් පෙළ) විභාග ප‍්‍රතිඵල ද මෙහිදී වැදගත් වන බැවිනි.

According to the above student number forecast, it is clearly seen that the number of students in the school will decrease proportionally due to the above mentioned facts.

The analysis of exam results is also very important considering the direction our school is going in today. Because G.E.C. (Ordinary Level) and (Higher Level) Exam Results are also important here.                

                      විභාග ප‍්‍රතිඵල  විශ්ලේෂණය - අ.පො.ස.  (උසස් පෙළ)

 

 

 

 

 

වර්ෂය

 

 

 

 

 

විභාගයට ඉල්ලූම් කළ සංඛ්‍යාව

 

 

 

 

 

පෙනීසිටි සංඛ්‍යාව



 

සමත් සිසුන්

 

 

 

 

 

 

 

විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 

 

 


 

 

 

 

 

ප‍්‍රතිශතය

 

සංඛ්‍යාව

 

ප‍්‍රතිශතය

 

2016

 

 

98

 

 

91

 

 

54

 

50.3%

 

09

 

9.8%

 

2017

 

 

84

 

 

84

 

 

37

 

44.05%

 

10

 

11%

 

2018

 

 

67

 

 

67

 

 

31

 

46.26%

 

06

 

08%

 

 

2019

 

 

80

 

 

80

 

 

35

 

    43%

 

10

 

1 2.5%

 

2020

 

 

96

 

 

94

 

 

42

 

44.6%

 

11

 

11.7%


                      Analysis of Exam Results - G.E.C. (Advanced Level)

 

 

 

 

 

The year

 

 

 

 

 

No. applied for examination

 

 

 

 

 




 Number of appearances


 

 

 

 Pass students

 

 

 

Number of University Qualifiers 

 

 


 

 

 

 

 

percentage    

 


The Number

 

percentage    

 

2016

 

 

98

 

 

91

 

 

54

 

50.3%

 

09

 

9.8%

 

2017

 

 

84

 

 

84

 

 

37

 

44.05%

 

10

 

11%

 

2018

 

 

67

 

 

67

 

 

31

 

46.26%

 

06

 

08%

 

 

2019

 

 

80

 

 

80

 

 

35

 

    43%

 

10

 

1 2.5%

 

2020

 

 

96

 

 

94

 

 

42

 

44.6%

 

11

 

11.7%



               විභාග ප‍්‍රතිඵල  විශ්ලේෂණය - අ.පො.ස.(සාමාන්‍ය පෙළ)

 

වර්ෂය 

 


 

 

 

 

පෙනීසිටි සංඛ්‍යාව

 

විෂයයන් 6ක් හා ඊට වැඩි  සමත්

 

උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ

 

 

 

 

 

ප‍්‍රතිශතය

 

 

සංඛ්‍යාව

 

 

ප‍්‍රතිශතය

 

ගණිතය සමත්

 

 

ගණිතය අසමත්

 

 

2016

 

 

   87   

83 

  

   95.40%     

61

12     

   70.1

 

2017

117  

69

   58.11%     

63

03

    53%    


              

              Analysis of Exam Results - G.E.C. (Ordinary Level)

 

 

 The year  


 

 

 

 

Number of appearances

 

Passed in 6 subjects and above

 

Qualified for higher education

 

 

 

 

 

percentage

 

 

The number

 

 

percentage

 

Math passed

 

 

Failed in math

 

 

2016

 

 

   87   

83 

  

   95.40%     

61

12     

   70.1

 

2017

117  

69

   58.11%     

63

03

    53%    

2018

145    

110

     76%      

102

08

   70%

 

2019

126

103

 

     82%      

100  

26

   79.4%

                 

2020

132

113 

   

   85.6%                      

97

    35     

   73%

 

                   ඉහත සඳහන් කළ ශිෂ්‍ය  සංඛ්‍යා  පුරෝකතනය මෙන්ම  ප‍්‍රතිඵල  විශ්ලේෂණයන්ට අනුව පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ද වසරින් වසර ඉහළ යන බවත්, ප‍්‍රතිඵල ද වසරින් වසර ඉහළ යන බවත් පැහැදිලිය. එමෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් ද වසරින් වසර වැඩි කරමින් පාසල උන්නතිය කරා ගමන් කරන බවක් දක්නට ලැබේ.

 According to the above-mentioned student number forecast as well as the results analysis, it is clear that the number of students in the school is increasing year by year and the results are also increasing year by year. It is also seen that the school is progressing by increasing co-curricular activities year by year.

Situation New  -    Where we are now? -     වර්තමාන තත්ත්වය

වර්තමානය වන විට ඉගෙනුම - ඉගැන්වීම ප‍්‍රමුඛ කාර්ය කර ගනිමින් සිසු පෞරුෂය ගොඩනැගීම් වස් අනෙකුත් බාහිර ක‍්‍රියාකාරකම් ද සිදුකරමින් විශාල කාර්යභාරයක් විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලය මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහභාගී කරගෙන සිදුකරනු ලබයි. දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩ නැංවීමේ අරමුණින් ක‍්‍රීඩා ඇතුළු විෂය සමගාමී  ක‍්‍රියාකාරකම් 40ක් පමණ වර්තමානයේ පාසල තුළ ක‍්‍රියාත්මක කරගෙන යනු ලැබේ. සමාජ ජීවිතයේ දී යාවජීව ක‍්‍රියාවලියක් ලෙස සක‍්‍රිය වන අධ්‍යාපනය තුළින් පුද්ගලයා හා පරිසරය අතර සම්බන්ධයක් ගොඩනැගෙද්දී එයට අනුගත වීම සඳහා පුද්ගලයා අත්දැකීම් ලබන්නේ පාසල් අධ්‍යාපනයෙනි. හුදෙක් ජීවන මාර්ගයක් සකස් කරගැනීම පමණක් නොව අධ්‍යාපනය සමාජ සාමාජිකයෙකුගේ දැනුම, කුසලතා, ආකල්ප, සදාචාරය, සංස්කෘතික නිර්මාණාත්මක බව, පෞරුෂය ආදී සියල්ලක්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වන්නේ ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළින් බව ජෝන් ඬේවි ගේ අදහස් දැක්වීමක සඳහන් වෙයි. 

ඒ අනුව කනිෂ්ඨ ද්විතීයික,ජේ්ෂ්ඨ ද්වීතියික යන අංශවලින් පාසල තුළින් දරුවාගේ දැනුම වර්ධනය කරවා ගුණ නුවණ පිරි පරිසරයට ලෙන්ගතු මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයකු සමාජයට දායාද කිරීම දෙව්නද අධ්‍යාපනයේ අභිප‍්‍රාය වී ඇත.ඒ සඳහා මානව හා භෞතික සම්පත් සූදානම් කිරීම වර්තමානයේදී ඉතා මැනවින් ක‍්‍රියාත්මක කරගෙන යනු ලැබේ.පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළුව ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන්  ඉතාමත් ක‍්‍රමානුකූල ව සැලසුම් සහගතව සිදු කරගෙන යනු ලැබේ.

At present, learning-teaching is the main task, building the personality of students and other external activities are being done with the participation of the teaching staff as well as the non-academic staff under the leadership of the Principal. About 40 co-curricular activities including sports are currently being implemented in the school with the aim of building a balanced personality in the children. Through education, which is active as a lifelong process in social life, a relationship is formed between the individual and the environment, and the individual gains experience through schooling to adapt to it. It is mentioned in a comment of John Davey that not only preparing a way of life, education is a social member's knowledge, skills, attitude, morals, cultural creativity, personality, etc. are all transmitted from generation to generation through the learning process.

Accordingly, the intention of education is to develop the knowledge of the child through the school in the junior secondary and senior secondary sections and to endow a person with a good personality who is friendly to the environment full of virtue and wisdom. Teacher capacity development programs including basic professional teacher development programs are carried out in a very systematic and planned manner.

අ.පොස (සා. පෙළ)විභාගයේදී දරුවන් සඳහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීමට ඉතා පුළුල් ලෙස විෂය ධාරාව පාසල තුළ  ක‍්‍රියාත්මක කරනු ලැබේ. 1,11,111 යන කාණ්ඩ විෂයයන් ගත්කල 1 කාණ්ඩයකට විෂයයන් හතරක් බැගින් මෙතෙක්  ක‍්‍රියාත්මක වූ අතර 2022 නව වර්ෂය සඳහා පළමුවන විෂය කාණ්ඩයට දෙවන භාෂාව වන දෙමළ විෂය ද  තුන්වන විෂය කාණ්ඩය සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ද දරුවන්ට හඳුන්වා දී දරුවන් විවිධ පැති සඳහා සූදානම් කරගෙන යනු ලැබේ. උසස් පෙළ විෂය ධාරාව ගත්කල කලා, වාණිජ,විද්‍යා, ගණිත මෙන්ම තාක්ෂණ අංශය ද පාසල තුළ ක‍්‍රියාත්මක වීම පාසල ලද භාග්‍යයක් කොට සැලකිය හැකිය. එමෙන්ම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ද පාසල තුළ  ක‍්‍රියාත්මක කරගෙන යනු ලැබේ. ඒ තුලින් දරුවන් වැඩ ලෝකයට සූදානම් කර ඔවුන් රැකියා සඳහා ස්ථානගත කිරීමේ හැකියාව ද පාසල උදාකරගෙන තිබේ. 

The subject stream is widely implemented in the school to select category subjects for the children in the G.E.C.(O/L) 1, 11, 111 category subjects, four subjects per category 1 have been implemented so far and for the new year 2022, the second language subject Tamil will be introduced to the first subject category and the subject of communication and media studies will be introduced to the children for the third subject category and the children will be prepared for various aspects. . It can be considered as a good fortune that the school has arts, commerce, science, mathematics as well as technology section in the high school stream. 13 years of continuous education is also implemented in the school. Through that, the school has also created the ability to prepare children for the world of work and place them for jobs.

වර්තමානයේ පවතින ප‍්‍රබල ගැටලූ

පාසලේ රැදෙන්නේ අඩු සාධන මට්ටමේ දරුවන් වන අතර ගුරුභවතුන් විශාල වෙහෙසක් ගෙන මෙම දරුවන්ට අවශ්‍ය නිපුණතා ලබා දීමට කටයුතු කිරීම වර්තමාන තත්ත්වය පෙන්නුම් කරන සාධකයකි.

එමෙන් ද අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවක් ලෙස තාක්ෂණික විෂය ධාරාව පාසල තුළ ක‍්‍රියාත්මක  වුව ද ඒ සදහා සිසුන්ට ප‍්‍රායෝගික පරීක්ෂණ කිරීමට අවශ්‍ය තාක්ෂණික විද්‍යාගාරයක් නොමැතිවීම විශාල අවශ්‍යතාවකි.එමෙන් ම අන්තර්ජාල පහසුකම් පාසලේ සියලූ ම අධ්‍යයන අංශවලට ලබා දී තිබුණ ද පන්ති කාමරය තුළ නවීන තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම්  හා ගුරුභවතුන්ට එම තාක්ෂණය භාවිතය පිළිබද දැනුම අවශ්‍ය ව ඇත.

Current pressing issues

There are low achievement level children in the school and the fact that the teachers are working hard to provide these children with the necessary skills is a factor that shows the current situation.

Also, although technical subject stream is implemented in the school as a G.E.C.(A/L). The facilities needed to use modern technology in the classroom and the teachers need knowledge about the use of that technology.

Outcome Desire  -  Where do  we want to be? අප යා යුත්තේ කොතැනට ද?

වර්තමාන අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දැනුම පසුපස  හඹා යන බොහෝ දරුවන්ගේ ඒකායන ඉලක්කය වී ඇත්තේ විභාග ජයග‍්‍රහණයයි. එබැවින් හුදෙක් ම තරගකාරී අධ්‍යාපනයේ පරිසර හිතකාමී සංස්කෘතික සත්වයෙකු බිහි කිරීම දුෂ්කරය.දැනුම ප‍්‍රමුඛ ඉලක්කය  කොට ගෙන බෞද්ධ  දර්ශනයට මුල් තැන දෙමින් මානව හිතවාදී ගුණධර්ම හදවත් තුළ තැන්පත් කරමින් ජාතික අනන්‍යතාවන් රැුකගෙන සංස්කෘතියට ද පරිසරයට ද ලෙන්ගතු දරුවන් බිහි කරමින් ඔවුන් සමාජගත කිරීම දෙව්නද විදුහලේ ඒකායන පරමාර්ථයයි. 
2023 සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ  පැහැදිලිව හඳුනාගෙන පාසලේ අධ්‍යයන, කාර්ය මණ්ඩලය දැනුවත් කරමින්, දෙමාපියන් ඇතුළු පාසල් ප‍්‍රජාවට ඒ  පිළිබඳ මනා අවබෝධයක් දීම තුළින් අප යා යුතු ස්ථානය අවබෝධ කරගත හැකිය. දෙමාපිය දැනුවත් කිරීම් පමණක් නොව පෝෂක පාසල් සමඟ ඒකාබද්ධ වී පෝෂක පාසල් වලින් දරුවන්  අප පාසලට ගෙන්වා ගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අප සතු වගකීමක් බව අප වටහා ගෙන ඇත. 
In today's education sector, the only goal of many children who are pursuing knowledge is to pass exams. Therefore, it is difficult to create an environment-friendly cultural creature in competitive education alone. Taking knowledge as the main goal, giving priority to Buddhist philosophy, placing humanistic virtues in the hearts, preserving national identities and giving birth to children who are close to culture and environment, the sole purpose of the school is to socialize them.
By clearly identifying the new educational reforms to be implemented from 2023, educating the school's academics and staff, and giving a good understanding to the school community including parents, we can understand where we need to go. We have realized that it is our responsibility not only to educate parents but also to integrate with feeder schools and bring children from feeder schools to our school and secure their future.

                               2022-2026 ශිෂ්‍ය සංඛ්‍යා  පුරෝකතනය

 

2022

 

 

2023

 

 

2024

 

 

2025

 

 

2026

 

975

 

1005

 

 

1035

 

 

 

1070

 

 

1100

 

       ¬30

 

    

       ¬30

 

   

 

      ¬30

 

   

     ¬30

 

 

       ¬30

 

 

1005

 

 

 

1035

 

 

1070

 

 

      1100

 

        1130

 






        

              


                 




 


   

Student Number Forecast 2022-2026

 

2022

 

 

2023

 

 

2024

 

 

2025

 

 

2026

 

975

 

1005

 

 

1035

 

 

 

1070

 

 

1100

 

       ¬30

 

    

       ¬30

 

   

 

      ¬30

 

   

     ¬30

 

 

       ¬30

 

 

1005

 

 

 

1035

 

 

1070

 

 

      1100

 

        1130

 


 














ශ‍්‍රම වෙළදපොළට ගැලපෙන ශ‍්‍රමිකයන් බිහිකිරීම , එමෙන්ම ව්‍යවසායකයන් බිහි කිරීම පමණක් නොව 2030 තිරසර සංවර්ධන ඉලක්ක 17 ළඟා කර ගැනීම සඳහා ඊට ගැලපෙන දරුවන් පාසල තුළින්  සමාජගතකිරීම අපගේ ඒකායන පරමාර්ථයයි. ඒ සඳහා සැලසුම් සකස් කරමින් ඒවා ක‍්‍රියාත්මක කිරීමට විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයත්,අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් එමෙන්ම පාසල් ප‍්‍රජාවත් සම්බන්ධ කර ගැනීම අපගේ මූලික කර්තව්‍ය වේ. 

Our sole objective is not only to produce workers who are suitable for the labor market, but also to produce entrepreneurs, but also to socialize children who are suitable for it through school in order to achieve the 17 sustainable development goals of 2030. Our primary task is to involve academic staff, non-academic staff and the school community including the school principal to prepare plans and implement them.

 Deadline  -  By when do we want to be there ? අපේක්ෂිත ප‍්‍රතිඵල  ළඟා කර ගන්නේ කවදාද?

වැලිමඩ කලාපය තුළ 1 AB පාසලක් වශයෙන්  උසස් පෙළ අංශ පහක් යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියෙහි යෙදෙන දරුවන් සිටින අප පාසල තුළ  දිනෙන් දින අධ්‍යාපන සංවර්ධන අංශයෙන් මෙන් ම  විෂය සමගාමී ක‍්‍රියාකාරකම්වලින් ඉහළට යාම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ. කෙටි කාලීන වශයෙන් ඒකක පරීක්ෂණ පැවැත්වීම,මධ්‍යකාලීන වශයෙන්  වාර පරීක්ෂණ හා රජයේ ප‍්‍රසිද්ධ විභාග සඳහා ළමුන් සූදානම් කිරීම, දිගුකාලීන වශයෙන් අධ්‍යාපනයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කිහිපයක් නම්,
  • 6 ශ්‍රේණිය සදහා වැඩි ශිෂ්‍ය ප‍්‍රමාණයක් ඇතුලත් කර ගැනීම.
  • 6 ශ්‍රේණියට පැමිණෙන සියලූ ම සිසුන්ගේ සාක්ෂරතා මට්ටම 80‍්‍% දක්වා ගෙන ඒම.
  • අ.පො.ස.(සා.පෙළ) ප‍්‍රතිඵල 90‍්‍% දක්වා රැගෙන යාම සහ එහි ගුණාත්මක බව වර්ධනය කිරීම.
  • අ.පො.ස.(සා.පෙළ) විභාගයේදී විෂයයන් සඳහා ලකුණු 75ත් 90ත් අතර ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකිරීම.
  • අ.පො.ස.(උ.පෙළ) ප‍්‍රතිඵලය තවත් 10‍්‍%ක ප‍්‍රතිශතයකින් හා විශ්ව විද්‍යාලයට සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාව 40‍්‍% ක් දක්වා ප‍්‍රතිශයකින් ඉහළනැංවීම.
  • 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුනගේ සියලූම විෂයයන් සදහා 75‍්‍% ට වඩා ලකුණු ලබා ගන්නා සිසුන් සදහා ප‍්‍රශංසනීය සහතිකයක් ලබාදීම
  • නව ක‍්‍රීඩා හා සංගම් ඇති කිරීම (උදා:-චෙස් ක‍්‍රීඩාව,පාපන්දු ක‍්‍රීඩාව)
  • මලල ක‍්‍රීඩා,අත්පන්දු,පාපන්දු,ක‍්‍රිකට් වැනි ක‍්‍රීඩාවන්ගෙන් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ ලබා ගැනීමට හැකි ආකාරයට පුහුණුවීම් කරවීම.
  • නගරයට ඇදී යන ශිෂ්‍ය සංඛ්‍යාව අවම කිරීම.
  • ගුරු සිසු ආකල්ප සංවර්ධනයට වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම 
As a 1 AB school in the Welimada region, we have children who are engaged in the learning and teaching process under five high level sections, and various programs are implemented day by day in the educational development section as well as in co-curricular activities. Conducting unit tests in the short term, preparing children for term tests and government public examinations in the medium term, and in the long term to achieve the objectives of education are some of the programs implemented.

  • Enrolling more students for 6th grade.
  • Bringing the literacy level of all students entering grade 6 to 80%.
  • Taking G.C.E (O/L) results to 90% and improving its quality.
  • Increasing the number of students who score between 75 and 90 marks in subjects in the G.E.C. (O/L)
  • Increasing the G.E.C. (A/L) result by another 10% percentage and the number of students passing the university to 40% percentage.
  • Award of Commendation Certificate to students who score more than 75% in all subjects from 6th to 13th grade
  • Inventing new games and associations (eg chess, football)
  • Training in such a way as to achieve national level victories in sports such as athletics, handball, football and cricket.
  • Minimizing the number of students drawn to the city.
  • Implementation of programs for the development of teacher and student attitudes

Action Steps  -  How will we get there? Strategies,Resources ? ඒ සදහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාව

 ඉහත අපේක්ෂිත ප‍්‍රතිඵල කෙටි කාලීනව,මධ්‍ය කාලීනව හා දිගුකාලීනව ළගා කරගැනීම සදහා විවිධාකාර උපායමාර්ග හා සම්පත්වල අවශ්‍යතාව පෙන්වාදිය හැකිය.

  • 6 ශ්‍රේණිය සදහා ශිෂ්‍ය ඇතුළත් කිරීම කඩිනමින් සිදු කිරීම
  • අනාවරණ පරීක්ෂණයන් තුළින් සිසුන්ගේ සාධන මට්ටම් හදුනාගෙන අවම සාධන මට්ටමේ සිටිින දරුවන් සදහා ප‍්‍රතිකාර්යය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
උදා:- ලෙස 6 සිට 10 ශ්‍රේණි සදහා සිංහල,ගණිතය,ඉංග‍්‍රීසි,විද්‍යාව වැනි විෂයයන් පෙ.ව.6.30-7.30 දක්වා සහායක ඉගෙනුම් ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම

  • අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ)  - සතියේ දින 5 තුළදී ප.ව.2.00 සිට 4.00 දක්වා අමතර පන්ති පවත්වා විෂය නිර්දේශය නියමිත කාලයට පෙර ආවරණය කොට පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍ර සාකා කිරීම හා පසුගිය විභාග ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු සැපයීමට යොමු කිරීම.
  • ආදි ශිෂ්‍යය සංගමය හරහා සහතිකපත‍්‍ර මුද්‍රණය කර ගැනීම
  • ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් ඉහළට ගිය ආදි ශිෂ්‍ය සහය ඇතිව ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් හා පුහුණුකරුවන්ගේ සේවය පාසලට ලබා ගැනීම.
  • 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැදවීම,සම්මුඛ පරීක්ෂණ,දෙමාපිය හමු,සිසුන් බදවා ගැනීම් ආදිය කඩිනම් කර නගරයට දරුවන් යැවීමේ ආදීනව පෙන්වා දීම.(උදා:- අධික වියදම් දැරීමට සිදුවීම,දරුවන්ගේ විනය පිරිහීම,කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම)
  • අධ්‍යයන කාර්යය මණ්ඩලය තුළ ස්වාමීන් වහන්සේනමක් වැඩසිටින අතර දරුවන් තුළ ආකල්ප සංවර්ධනය සදහා නිරන්තර ධර්මානුශාසනා,ආගමික වැඩඩසටහන් සිදුකරයි.
උදා:- දිනපතා උදෑසන නියමිත පන්තියේ දරුවන් විද්‍යාලයීය ස්වාමීන් වහන්සේ බෞද්ධ මන්දිරය වෙත වැඩමවා ආගමික වතාවත් සිදුකිරීමහා එම පන්තියේ දරුවන්ට ධර්මානුශාසනාවක් සිදුකිරීම.
         වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතියක් නම්කර සතිය පුරුවටම ධර්ම දේශනා,භාවනා,ප‍්‍රජා සත්කාර වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
         පොසොන් පොහොය නිමිති කරගෙන සීල සමාදාන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
  • ගුරු ආකල්ප සංවර්ධනය සදහා පෙළඹවීම් ක‍්‍රම,ඇගයීම් අවස්ථා සම්පාදනය කිරීම.
  • පාසල් ප‍්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම.
  • එමෙන් ද අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවක් ලෙස තාක්ෂණික විෂය ධාරාව පාසල තුළ ක‍්‍රියාත්මමක  වුව ද ඒ සදහා සිසුන්ට ප‍්‍රායෝගික පරීක්ෂණ කිරීමට අවශ්‍ය තාක්ෂණික විද්‍යාගාරයක් නොමැතිවීම විශාල අවශ්‍යතාවකි.
  • එමෙන් ම අන්තර්ජාල පහසුකම් පාසලේ සියලූ ම අධ්‍යයන අංශවලට ලබා දී තිබුණ ද පන්ති කාමරය තුළ නවීන තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම්  හා ගුරුභවතුන්ට එම තාක්ෂණය භාවිතය පිළිබද දැනුම අවශ්‍ය ව ඇත.


The need for various strategies and resources can be pointed out to achieve the above expected results in the short term, medium term and long term.

  • Expediting student admission for 6th grade
  • Identifying the achievement levels of students through discovery tests and implementing treatment programs for children who are at the lowest achievement level.
  • For example:- For classes 6 to 10, implementation of auxiliary learning methods for subjects like Sinhala, Mathematics, English, Science from 6.30 am to 7.30 am.
  • G.E.C.(O/L.) and G.E.C.(A/L) - Conducted extra classes from 2.00 pm to 4.00 pm during the 5 days of the week and covered the syllabus before the scheduled time and cleared the practice papers. Directing and answering past exam papers.
  • Getting certificates printed through Alumni Association
  • Getting the services of national level players and coaches to the school with the support of former students who have gone up in the field of sports.
  • Summoning applications for admission of students for 6th grade, speeding up interviews, meeting parents, recruiting students, etc. and pointing out the problems of sending children to the city.
  • There is a Lord's name in the academic staff and regular religious programs are conducted for the development of children's attitudes.
  • Eg:- Every day in the morning, the Lord of the College will visit the students of the designated class to perform religious rites and teach the children of that class.
  • On the occasion of Vesak, a Vesak week will be named and implementation of Dharma sermons, meditation and community care programs will be held throughout the week.
  •  Implementation of Seela Samadana programs on the occasion of Poson Poya.
  • Compilation of motivation methods, evaluation opportunities for teacher attitude development.
  • Getting input from the school community.
  • Also, although the technical subject stream is active in the school as a G.E.C.(A/L)
  • Also, even though internet facilities have been provided to all the academic departments of the school, the facilities needed to use modern technology in the classroom and the knowledge of the use of that technology are needed for the teachers.




 




 




 


 


 


 


 


















      


 


 


 


 


 




 


 


 


 


 




 


 


 


 


 








 




 


 


 


 


 


 


 




 


 




 


 


 


 


 




 





Comments